ඉතින් කොහොමද?? මම තමයි රෝමියෝ! හැබැයි අර ජුලියට්ගේ රෝමියෝ නෙවේ. මේක නිකං ආතල් එකට දාගත්ත නමක්. නික්නේම් එකක් කිව්වට වරදක් නැහැ. මේ නමේ ඔරිජිනේෂන් එක ගැන දැනගන්න කැමතිනම් phonetic alphabet කියන එක ගූගල් කරලා බලන්න. වැඩේ ගොඩ.. :)
කෝමින් බෝමින් හරි, මේ වෙබ් ලොග් එක විවෘත කරලා අවුරුදු තුනක් විතර ඔහේ නිකං තිබ්බා. ඒ අස්සේ වෙන බ්ලොග් එකක දෙකක නිකං කණ කැස්බෑවා මොකක්ද එකෙන් අහස බලනවා වගේ ඉඳල හිටලා පෝස්ට් එකක් දෙකක් කෙටුවා මිසක්ක මගේම බ්ලොග් එක පිළිවෙලකට ලියාගෙන යන්න තරම් වුවමනාවක් තිබ්බේ නැහැ. ඉතින් දෙයියනේ කියල අපේ ජීවිතේ මල් මැඩම් ලියන සංසාරේ අපි කියවන්න පටන් ගත්තට පස්සේ තමා මගේම කියල තියන එකම බ්ලොග් වැයික්කිය, ටිකක් පිළිවෙලට පිරිසිදුවට මේන්ටේන් කරානම් හොඳා කියල හිතුනේ. එහෙම හිතල බැලුවම, මේක කරන්න ඉන්ස්පිරේෂන් එක වුණේ මැඩම් කිව්වට වරදක් නැහැ.
අනික් එක තමා මම මේ වගේ වැඩක් එළඹ සිටි සිහියෙන් ඉඳගෙන හරියට කරන්න පුළුවන් ජාතියේ එකෙක් නෙවෙයි. මම ඇවිල්ල අමුතුම නොම්මරයක්! මෙහෙම කයිවාරු ගහල මේක පටන් ගත්තට කොයි කොයි විදිහට මේවා ඉවර වෙයිද දන්නේ නැහැ ඉතින්!!!! :D ඒනං ඉතින් අද ඉඳලවත් මේක හරිහමන් විදිහකට කරන්න ට්‍රයි එකක් දෙන්නම්කො. මෙන්න පිළිගන්න, "මගේ වැයික්කිය!"... :)
No comments:
Post a Comment